hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 4:31



කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල සේවාවන් ලබාදීමට මෙන්ම දේශීය රැකියා හා ජාත්‍යන්තර රැකියා සපයන ආයතන එකට එක් කරමින් “ග්ලෝකල් ෆෙයා 2022” ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පවත්වන බවත්, කම්කරු ගැටලු සහ සුබසාධනය සේ ම විදේශ රැකියා සම්බන්ධ සියලු තොරතුරු සහ අවස්ථාවන් පිළිබද පූර්ණ අවබෝධයක් මෙහිදී ලබා ගත හැකි බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

එසේ ම විගමනික ශ්‍රමිකයන් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, වාහන අවසර පත්‍රය ඇතුළු සියලු කරුණු විමසා දැනගත හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.

එහි දී වැඩි දුරටත් මාධ්‍ය ඇමැතූ ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළා.

“රටේ සියලුම කම්කරුවන්ගේ වගකීම් දරන්නේ කම්කරු අමාත්‍යාංශයයි. මුළු රටේම මිනිස් බලය ගැන වගකීම දරන අමාත්‍යාංශය අපේ අමාත්‍යාංශයයි. මුළු රටේම තරුණ ප්‍රජාව රැකියා ගත කිරීම, විදේශ රැකියා සදහා යොමු කිරීම වගේම විගමණික ප්‍රජාවගේ ගැටලුවලට විසදුම් ලබාදීම ඇතුළු විශාල විශය පථයක් ඇතුළත කටයුතු කරනවා.”

“අපේ සේවාවන් ගමට ගිහින් ලබාදීමට අපි තිරණය කළා. එහි ආරම්භක පියවර විදියට, අමාත්‍යාංශය ගමට යාමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. කෙනෙක්ට මේක ජංගම සේවයක් කියලා කියන්න පුලුවන්. කෙනෙක්ට මේක සේවා සපයන කානිවල් එකක්, ‍ෆෙයා එකක් කියලා කියන්න පුලුවන්. ඒ කොහොම කිව්වත් අපි මේක හදුන්වන්නේ ග්ලෝකල් කියලා. ලෝකයත්, ලංකාවත් වැඩ ලෝකයකට එකතු කරන අවස්ථාවක් හැටියට තමයි අපි මේක හදුන්වන්නේ. ඒ අනුව ඔක්තෝබර් 15 -16 යන දින දෙකේදී ගාල්ලේ සමනළ ක්‍රීඩාංගනයෙන් මේක ආරම්භ කරනවා.

මෙතැනදී දේශීය රැකියා, විදේශ රැකියා, කම්කරු අමාත්‍යාංශයේ ප්‍රශ්න විසදාගන්න, නොයෙක් දේ ගැන දැනුවත් වීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම පුද්ගලික අංශය සමග සම්බන්ධවීමට, රැකියා ගැන අධ්‍යයනයන් කිරීමට, අපේ සියලුම සේවාවන් ගමට ගිහින් ලබාදීමට තමයි කටයුතු කරන්නේ.

මේක සාම්ප්‍රදායික ජංගම සේවයකට එහි ගිහින්, ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක් විදියට තමයි කටයුතු කරන්නේ. මෙයට සම්බන්ධවීමට කැමැති අයට ඉදිරියේදී මෙයට අදාලව ලියාපදිංචීවම සදහා වන QR කෝඩ් හදුන්වාදීමට කටයුතු කරනවා. ඒ හරහා ලියාපදිංචි වෙන්න පුලුවන්. රැකියා සපයන ආයතනවලට, විදේශ රැකියා සපයන ආයතනවලට, තරුණ තරුණියන් පුහුණු කරන ආයතනවලට, පුද්ගලික විශ්ව විද්‍යාලවලට, වෘත්තීය අධ්‍යාපනයක් ලබාදෙන ආයතනවලට මේකට සම්බන්ධ වෙන්න පුලුවන්. මේ සියල්ල සම්පුර්ණ වුන සැණකෙළි ස්වරූපයක් ගන්නා නමුත් අමාත්‍යාංශ ජංගම සේවයක් විදියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේකත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන් තොරතුරු මාධ්‍ය හරහා ලබාදීමට කටයුතු කරනවා. වෙනමම වෙබ් අඩවියක් මේ සදහා විවෘත වෙනවා. වෙනම ෆේස් බුක් පිටුවක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.

මෙතැනදී විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන බලපත්‍ර ලබාදීම, විශ්‍රාම වැටුප ලබාගැනීම ගැන දැනුවත්වීමටත් අවස්ථාව ලබාදි තිබෙනවා. තමන්ට ජීවිතය හදාගැනීමට අවශ්‍ය මාර්ගය හදා ගැනීමට, අනාගතය සකස් කරගැනීමට අවස්ථාව ලැබෙන තැනක් තමයි මේ. මේක සේවා සපයන සැණකෙළියක්. හැබැයි මේක සැණකෙළි පවත්වන්න වෙලාවද කියලා කෙනෙක්ට අහන්න පුලුවන්. අපි රජයේ මුදල් වියදම් කරලා නෙමෙයි මේක කරන්නේ. අපේ සේවාවන් ගමට ගිහින් ලබාදෙන්නේ සංදර්ශනයක් විදියට නෙමෙයි. සේවාවක් සපයනවා.  සේවාවක් සපයනවා. ඒක ඉහළ මට්ටමින් ලබාදෙන්නේනේ  ජනතාව වියදම් කරගෙන හතර අතේ ඇවිදින එක නතර කිරිමටයි. අමාත්‍යාංශයෙන් කරන සියලුම කටයුතු ගමට ගිහින් දෙන්නේ රජයේ මුදල් නාස්ති කරන්නේ නැතිවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: