2023 දෙසැම්‍බර් 09, පෙ.ව. 11:54
අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් , ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ගුවන් මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරන ගුවන් යානය ඊයේ (08) රාත්‍රී 08.00 ට අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම ගුවන් යානා සතියේ සෑම බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල රාත්‍රී 08.00 ට පැමිණෙන අතර , එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතයි.
මෙම ප්‍රථම මංගල ගුවන් යානය පිළිගැනීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , ගුවන් සංතරණ සේවා ප්‍රධානී නිශාන් අබේවර්ධන යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ද ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
2026 මාර්තු 18, ප.ව. 3:24
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26