2023 දෙසැම්‍බර් 09, පෙ.ව. 11:54
අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින් , ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ගුවන් මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරන ගුවන් යානය ඊයේ (08) රාත්‍රී 08.00 ට අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම ගුවන් යානා සතියේ සෑම බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල රාත්‍රී 08.00 ට පැමිණෙන අතර , එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතයි.
මෙම ප්‍රථම මංගල ගුවන් යානය පිළිගැනීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , ගුවන් සංතරණ සේවා ප්‍රධානී නිශාන් අබේවර්ධන යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ද ඇතුළු ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
2025 මැයි 30, ප.ව. 2:13
2025 මැයි 30, ප.ව. 2:10
2025 මැයි 29, ප.ව. 1:59
2025 මැයි 29, ප.ව. 1:56
2025 මැයි 28, ප.ව. 1:05
02-06-25
02-06-25
02-06-25
02-06-25
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
30-05-25
29-05-25
29-05-25
29-05-25
29-05-25