hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:07



මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවලට අනුව, මෙරට මද්‍යසාර නිෂ්පාදනය ඉකුත් වසරේ (2023) පළමු මාස නමයේ දී ලීටර මිලියන 27 දක්වා අඩුවී තිබෙනවා.

2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී මෙරට මද්‍යසාර නිෂ්පාදනය ලීටර මිලියන 31.2ක් වූ අතර එයට සාපේක්ෂව මද්‍යසාර නිෂ්පාදනය 2023 වසරේ මුල් මාස නමයේ දී 13.4 % කින් අඩු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, සුරාබදු ආදායමද 2022 වසරේ පළමු මාස නමයට සාපේක්ෂව රුපියල් බිලියන 124 දක්වා  0.4% කින් සුළු වශයෙන් අඩු වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන්.

2022 වසරේ පළමු මාස නමයේ දී මෙරට සුරාබදු ආදායම රුපියල් බිලියන 124.6ක් වන අතර ඉකුත් වසරේදී (2023) ඇස්තමේන්තුගත සුරාබදු ආදායමෙන් 58 % ක් කර ගෙන ඇති බවද මෙම වාර්තාව වැඩිදුරටත් වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: