hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 14, පෙ.ව. 12:03



අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් කැඳවීම මෙම මස 15 වනදා සිදු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ, අනුව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහළ දැමීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයඳුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පළාත් සභා නියෝජිතයන් අස්වැසුම වැඩසටහන සඳහා ඇතුළත් කර ගැනීම වෙනුවෙන් පැවැති හමුවකදී.

ඒ, අනුව ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයඳුම්පත් සමානව සළකා සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකන්ට යටත්ව පරීක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: