hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 9:51



ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ද සහාය ලබා ගනිමින් මෙරට රජයේ ඉඩම් සම්බන්ධ සියලු දත්ත ඇතුළත් කර ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගත් ඉඩම් හා ඒවා තිබෙන ප්‍රදේශ ඒ අතුරින් ආයෝජකයන්ට නිදහස් කිරීමට හැකි සහ නොහැකි ඉඩම් මොනවා ද යන්න ඇතුළු ඉඩම් සම්බන්ධ සියලු තොරතුරු මේ ඔස්සේ එක් ස්ථානයකට කේන්ද්‍රගත කරන බව ද ඒ මහතා අවධාරනය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ අරමුණින් බිහි වූ උරුමය ජාතික වැඩසටහනට සමගාමීව සැමට හිමි බිමක් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදීයි.

අවුරුදු 15ත් – 29ත් අතර වයසේ පසුවන ලක්ෂ 50ක් පමණ පිරිසක් මෙරට සිටින බවත් මෙම වසර අවසානයට පෙර ඔවුන් අතුරින් මිලයනයක් තරුණ ව්‍යවසායකයන් බවට පත් කරන බවත් හෙතෙම අවධාරණය කළා.

ඇමැතිවරයා පැවසුවේ, ස්වරණ භූමි, රන් භූමි සහ ජය භූමි බලපත්‍ර හිමි ලක්ෂ 20ක පමණ පිරිසක් මෙරට සිටින බවත් ඔවුන් අතුරින් ලක්ෂ 10කට මෙම වසර අවසානයට පෙර සින්නක්කර ඔප්පු ලබා දීමට උරුමය වැඩසටහන ඔස්සේ අපේක්ෂා කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: