hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 17, පෙ.ව. 10:37



ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වනවා.

ලොකු ළුෑණු ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් ලොකු ළුෑණු කිලෝවක් සදහා රුපියල් 250ක මිලක්වත් පවත්වා ගත යුතු බවයි, ලිපියක් යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

මේ වන විට දේශීය වෙළඳපොලේ ලොකු ළුෑණු මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින අතර, මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් මෙරට ලොකු ළුෑණු ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, ලොකු ළුෑණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පසුගියදා ප්‍රකාශ කළා.

ආනයනකරුවෝ පැවසුවේ, ලොකු ළුෑණු කිලෝවක සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බවත්, ළුෑණු මිල තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවයි.

ඉන්දියාවෙන් ළුෑණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ළුෑණු මිල පහත වැටීමට හේතුව බවත්, ඉදිරියේදී තව දුරටත් ළුෑණු මිල අඩුවනු ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්දියාවෙන් ලොකු ළුෑණු තොග විශාල වශයෙන් ආනයනය කිරීම නිසා චීන ළුෑණු සඳහා ඉල්ලුම අඩුවීමෙන් ඒවා තොග පිටින් ඉවත් කිරීමට සිදුවී ඇතැයි පිටකොටුව වෙළෙඳුන් පසුගිය දා කියා සිටියා.

පසුගිය දිනවල චීන ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 300 කට අලෙවි කෙරුණු අතර, මේ දිනවල චීන ලොකු ළුෑණු කිලෝව රුපියල් 100 කටවත් විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඔවුන් පැවසුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: