2024 නොවැම්‍බර් 20, ප.ව. 1:25
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ප්‍රකාශ කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූනු ආනයනය කිරීම සීමා වීමත් සමඟ එක වරම දේශීය සහ විදේශීය ලොකු ලුනු මිල ඉහළ යාමට හේතු වී තිබෙන බවයි.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද(20 ) උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම් මිල රුපියල් 380-400 ත් අතර තොග මිලක් පැවැති බව සඳහන්.
එමෙන්ම ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට දේශීය ලොකු ලුනු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලුනු සඟවා තබාගෙන මිල ඉහළ යෑම දැමීම සිදුකර තිබෙන බවද වාර්තා වෙනවා.
මේ අතර මිල පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී ලුනු අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටි අයගෙන් මිල විමසීමේදී සහ තොරතුරු විමසීමේදී ඔවුන් ද සනාථ කළේ ඔවුන් මීට පෙර ගොවීන්ගෙන් අඩු මුදලට මිලදී ගෙන ඒවා ගබඩා කර මිල ඉහළ යෑම නිසාවෙන් විකිණීමට රැගෙන ආ බවයි.
2025 නොවැම්‍බර් 11, පෙ.ව. 9:04
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 10:15
2025 නොවැම්‍බර් 09, ප.ව. 5:04
2025 නොවැම්‍බර් 05, ප.ව. 12:00
2025 නොවැම්‍බර් 04, ප.ව. 1:02
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
11-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25