hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, පෙ.ව. 11:47



ඉන්දියාව ළුෑණු අපනයන තහනම තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් මෙරටට චීනයෙන් මහා පරිමාණයෙන් ලොකු ළුෑණු ආනයනය කර ඇති අතර, චීන ලොකු ළුෑණු ගෙඩියක බර කිලෝ බාගයකට වැඩි බව වෙළෙන්දෝ කියා සිටිනවා.

ඉන්දියානු ලොකු ළුෑණු මෙරටට නොලැබීම නිසා පාකිස්තානය සහ තුර්කියෙන් ලොකු ළුෑණු ආනයනය කෙරුණු අතර, මේ වනවිට චීනයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු තොග පිටකොටුව තොග වෙළෙදසල්වල ගොඩගසා ඇති අයුරු දැකගත හැකි බවයි වාර්තා වන්නේ.

චීනයෙන් ආනයනය කරන ලද ලොකු ළුෑණු ගෙඩියක් ග්‍රෑම් 500 ක් පමණ වන බවත්, එහි දියර ස්වභාවය වැඩි බවත් වෙළෙන්දෝ අවධාරණය කරයි.

එමෙන්ම, පිටකොටුව තොග වෙළෙන්දෝ කියා සිටින්නේ, එහි සැර ගතියක් නොමැති බවත්, ආහාර ආදිය සැරසිලි කිරීම සඳහා චීන ළුෑණුවලට ඉල්ලුමක් පවතින බවයි.

පිටකොටුව සිල්ලර වෙළෙඳ පොළේ චීන ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිලකටද, පාකිස්තාන ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 500 කටද, තුර්කි ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 420 කටද අලෙවි කරයි.

කෙසේ නමුත්, තුර්කි ලොකු ළුෑණු ප්‍රමාණයෙන් රතු ලූනු ගෙඩියකට වඩා මදක් විශාල වන අතර, එහි සැර වැඩි නිසා පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලුමක් පවතින බවයි පිටකොටුව එළවළු වෙළෙඳුන් වැඩිදුරටත් කියා සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: