2024 අප්‍රේල් 29, පෙ.ව. 9:37
ශ්‍රී ලංකාව යළිත් වරක් පාකිස්තානයෙන් ලොකු ළූනු ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
පාකිස්තානය විසින් ලොකු ළූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ළූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.
ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ළූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.
මේ වනවිටත් වෙළෙඳපොළ තුළ ලොකු ළූනු මිල පහළ ගොස් තිබෙනවා.
චීනයෙන් ආනයනය කරන ලද ලොකු ළූනු කිලෝග්‍රෑම් එකක් රුපියල් 200ත් 300ත් අතර මිලකට වෙළෙඳපොළ තුළ පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.
මේ අතර, පසුගිය දා ඉන්දියාව ද ලොකු ළූනු අපනයනයට පනවා තිබූ තහනම ඉවත් කර ශ්‍රී ලංකාවට ලොකු ළූනු මෙට්‍රික් ටොන් දස දහසක් අපනයනය කිරීමට එකඟතාව පළකර තිබුණා.
කෙසේ වෙතත්, අදාළ ලොකු ළූනු වෙළෙඳ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙරටට ආනයනය කර සතොස හරහා ජනතාවට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියා.
2024 දෙසැම්බර් 12, ප.ව. 2:38
2024 දෙසැම්බර් 12, ප.ව. 1:02
2024 දෙසැම්බර් 09, ප.ව. 8:18
2024 දෙසැම්බර් 09, ප.ව. 1:58
2024 දෙසැම්බර් 04, ප.ව. 3:48
14-12-24
14-12-24
13-12-24
13-12-24
13-12-24
13-12-24
13-12-24
13-12-24
13-12-24
13-12-24
13-12-24
13-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24
12-12-24