hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 12, පෙ.ව. 12:04



අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අලුත් අවුරුදු සමයේ කොණ්ඩ කැවුම් ඇතුළු රස කැවිලි වර්ගවල මිල ගණන්ද ඉහළ ගොස් ඇත.

කොණ්ඩ කැවුමක් රුපියල් 70ත් 100ත් අතර මිලකටද, අතිරස, මුං කැවුම් රුපියල් 60ත් 80ත් අතර මිලකටද, ආස්මි එකක් රුපියල් 120ත් 150ත් අතර මිලකටද අලෙවි කෙරේ.

කොකිස් එකක්ද රුපියල් 40ත් 60ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ නමුත්, සුපිරි වෙළෙඳසල්වල මෙම රසකැවිලි වර්ග මීට වඩා ඉහළ මිල ගණන්වලට අලෙවි කෙරේ.

රස කැවිලි මිල ගණන් ඉහළයාම හේතුවෙන්, රස කැවිලි සඳහා මෙවර ඉල්ලුම අඩුවී ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

කේක් මිල ගණන්ද ඉහළ මට්ටමක පැවතීම නිසා කේක් සදහා පවතින ඉල්ලුමද විශාල ලෙස අඩුවී ඇතැයි බේකරි හිමියන් කියා සිටියි.

බටර් කේක් කිලෝවක් රුපියල් 1500ත් 1800ත් අතර විවිධ මිල ගණන් වලට අලෙවි කෙරේ.

මාගරින් ආදියෙහි මිල ගණන් ඉහළ යාම නිසා කේක් මිල ගණන් වැඩි කිරීමට සිදුවී තිබෙන බව බේකරි හිමියෝ පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: