2024 පෙබරවාරි 15, පෙ.ව. 10:09
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (14) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික කැපීපෙනෙන ලෙස තවදුරටත් පහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
එහිදී දින 91 සහ දින 182 බිල්පත් පොලී අනුපාතික, තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහතට පැමිණ තිබීම විශේෂත්වයක්.
ඒ අනුව පසුගිය සතියේ වෙන්දේසිය හා සැසඳීමේ දී එක් එක් කල්පිරීමේ කාලයන්ට අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පහතින්,
දින 91 – 10.96% සිට 9.79% ක් දක්වා පදනම් අංක 117කින්,
දින 182 – 11.07% සිට 9.86% ක් දක්වා පදනම් අංක 121 කින් සහ,
දින 364 – 10.73% සිට 10.02% ක් දක්වා පදනම් අංක 71 කින් පහළ ගොස් ඇත.
මෙලෙස භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහළ පැමිණ ඇත්තේ 2022.03.04 දින පැවති භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියෙන් පසුව වීමද විශේෂත්වයක්.
අද දින පැවති වෙන්දේසිය සඳහා රු. මිලියන 135,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 279,7004 ක ලංසු ප්‍රමාණයක් ඊට ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.
එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 135,000 ක ලංසු ප්‍රමාණයක් පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:00
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:47
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:30
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26