2024 ජනවාරි 01, පෙ.ව. 8:52
සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා ඇත.
ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත.
මේ අතර, ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසන්නේ, අද (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි.
31 වෙනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මේ බව පැවසීය.
ඒ අනුව අද සිට ජංගම දුරකථනයක මිල සියයට 35කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු සඳහන් කළේ ය.
අද සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද සියයට 18කින් ඉහළදැමීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, මෙම මිල ඉහළ යාම තත්ත්වයත් සමග ජංගම දුරකථන වෙළෙඳපොළේ සියයට 50ක පමණ පසුබෑමක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
2025 ජනවාරි 11, ප.ව. 8:28
2025 ජනවාරි 10, ප.ව. 3:21
2025 ජනවාරි 09, ප.ව. 3:43
2025 ජනවාරි 08, ප.ව. 4:57
2025 ජනවාරි 08, ප.ව. 2:54
15-01-25
15-01-25
15-01-25
15-01-25
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25