hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 24, පෙ.ව. 12:02



පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පොල්තෙල් වැඩි මිලට වෙළදපොලේ, පාරිභෝගික අධිකාරිය නිදි!

වෙළදපොලේ පොල්තෙල් බෝතලය රුපියල් 150 කින් 200 කින් වැඩි වෙද්දී පාරිභෝගික කටයුතු අධිකාරිය තම සුපුරුදු නිහඩ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සිටී. මෙරට දෙකෝටිය ඉක්මවූ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට නීතියෙන් පිහිටුවා තිබෙන පාරිභෝගික කටයුතු අධිකාරිය එලෙස කටයුතු කිරීම අප සංවිධානය දැඩිව හෙළා දකින අතර අසාධාරණ මිළ ගණන් යටතේ පොල්තෙල් අලෙවි කිරීම පිළිබදව නිසි විමර්ශණයක් පවත්වන ලෙස අප පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටිමු.

පසුගිය කාලය පුරා පොල්තෙල් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සදහා රජය කටයුතු කල අතර පාම්තෙල් කවලම් කර පොල්තෙල් අලෙවි කරන ජාවාරම නතර කර දැමීමටද රජය කටයුතු කළේය. එමගින් මෙරට පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු විය.

තත්වය මෙසේ තිබියදී පොල්තෙල් මිල ඉහළයාම පිළිබදව පාරිභෝගික කටයුතු අධිකාරිය නිසි විමර්ශණයක් හෝ වැටලීම් සිදුනොකර මහාපරිමාණ තෙල් පිරිපහදු කරනු ලබන සමාගම් හා පොල්තෙල් ආනයනකරුවන් පාරිභෝගික අධිකාරියට කැදවා සාකච්ඡා කර මින් සිටී.

මේ වන විට ශ්‍රී  ලංකාවේ පොල්තෙල් පරිභෝජනයෙන් 95% ක ප්‍රමාණයක් සපයනු ලබන්නේ තෙල් පිරිපහදු කරනු ලබන සමාගම් හා පොල්තෙල් ආනයනය කරනු ලබන සමාගම් විසිනි. එසේ නම් පොල්තෙල් වල මෙම මිල විකෘතියට සෘජුවම වගකිව යුත්තේ මෙම තෙල් පිරිපහදු කරනු ලබන සමාගම් හා පොල්තෙල් ආනයනකරුවන් කරනු ලබන මහා පරිමාණ සමාගම් අතලොස්සකි.

ඔවුන් විසින් පොල්තෙල් තොග සගවා තබාගෙන මිල වැඩිකරනවාද? යන්න පිළිබදව සොයා බැලීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය මෙතෙක් කටයුතු කර නැත. කළයුතුව ඇත්තේ ඔවුන්ව පාරිභෝගික අධිකාරියට කැදවීම පමණක් නොව අදාල පිරිපහදුම් කරනු ලබන ස්ථාන සහ ගබඩා පරීක්ෂාවට ලක්කිරීමයි.

තව දුරටත් මෙරට පොල්තෙල් පාරිභෝගිකයින් මහාපරිමාණ පිරිපහදු කරනු ලබන සමාගම්වල හා පොල්තෙල් ආනයනය කරන සමාගම් වල සූරා කෑමෙන් මුදවා ගැනීම සදහා පාරිභෝගික කටුයතු අධිකාරිය කඩිනම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු අතර එසේ නොකළහොත් පිරිපහදු කරනු ලබන හා මෙරටට පොල්තෙල් ආනයනය කරනු ලබන මහාපරිමාණ සමාගම් වලට එරෙහිව පාරිභෝගිකයින් පෙළගැස්සීමට අප සංවිධානය කටයුතු කරන බව මෙම අවස්ථාවේ ප්‍රකාශ කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: