2022 මැයි 24, පෙ.ව. 11:20
මෙරට ස්ථිපිත ඇඟලුම් කර්මාන්ත ශාලා ඉවත් කර වෙනත් රටවල ස්ථාපිත කිරීමට එම කර්මාන්ත ශාලා ප්‍රධානීන් සූදානම් වනවා.
ඒ අනුව රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා සියයට 30 ක් පමණ මෙරටින් ඉවත් කිරීමට තීරණයක් ගෙන තිබෙන බව වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.
අපනයන නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම, අමුද්‍රව්‍ය ආනයනය කර ගැනීමට නොහැකිවීම සහ ඉන්ධන හිඟය ඊට හේතුවී ඇති බවයි එම ජාතික මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සමස්ත නිෂ්පාදන කටයුතු සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවද එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ප්‍රකාශ කළා.
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
2026 අගෝස්‍තු 20, ප.ව. 3:09