hit counter

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා

2024 ජූනි 16, ප.ව. 2:23



ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසන්නේ සිමෙන්ති, කම්බි ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් පහත වැටෙමින් පවතින බැවින් ජනතාවට යළිත් වරක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනා ලෙසයි.

පසුගිය සමයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ අමුද්‍රව්‍ය රැසක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යෑමට මූලික වශයෙන් හේතුවූයේ මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමග රුපියලේ අගය පහත වැටීමයි.

ජාතික ඉදිකිරීම් සේවක සංගමය පෙන්වා දෙන්නේ, ආර්ථිකය යළි ප්‍රකෘතිවීමත් සමග ඒවායේ මිල ගණන්වල අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර,

“පසුගිය වකවානුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් කඩා වැටිලා තිබුණේ. අද වෙනෙකොට එහි ප්‍රකෘතිමත් තත්වයක් ඇතිවෙලා තිබෙනවා. මේ වනවිට සිමෙන්ති, යකඩ, තීන්ත ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් යම් මට්මකින් පහත බැස තියෙනවා. සමස්තයක් විදිහට ගත්විට සතුටුවෙන්න පුළුවන් බැංකු ණය පොලිය අඩුවෙලා තියෙනවා. අපි හිතනවා අපේ සේවාදායකයින්ට බැංකු ණයක් අරගෙන ගෙයක් හදාගන්න පුළුවන් වාතාවරණයක් යම් මට්ටමකට හැදිලා තියෙනවා කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: