hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 02, ප.ව. 1:00



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.78ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.85ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 295.50ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු. 304.51ක් ලෙස දැක්වෙනවා.
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 292.84ක් සහ විකුණුම් මිල රු. 293.58ක් ලෙස සඳහන්.
  • හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 295.50ක් වන අතර විකුණුම් මිල රු. 302.50ක් වනවා.
  • සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.295.00ක් බවත් විකුණුම් මිල රු. 302.50ක් බවටත් දැක්වෙනවා.
  • එන්.ඩී.බී. බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 295.10ක් සහ විකුණුම් මිල රු. 303.10ක් ලෙස සඳහන්.
  • අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 296.60ක් ලෙසත් විකුණුම් මිල රු.301.60ක් ලෙසටත් වාර්තා වනවා.
Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: