hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 03, ප.ව. 7:00



මේ වනවිට දේශීය බිත්තර මිල අඩු වී ඇති බව එම නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව එහි මිල ගණන් රුපියල් 40,42 සහ 43ක් වන බවයි, ඔවුන් සඳහන් කළේ.

රුපියල් 65,70 දක්වා ඉහළ ගොස් තිබූ බිත්තර මිල පහත වැටීමට හේතුව දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාම බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කියා සිටියා.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 3 කටත් රතු බිත්තරයක් රුපියල් 38 කටත් ගොවිපළෙන් නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට බිත්තර නිෂ්පාදනය ද සැලකිය යුතු අන්දමින් ඉහළ යමින් තිබෙනවා.

මේ මාසයේ බිත්තර නිෂ්පාදනය ලක්ෂ 60, 65 දක්වා ඉහළ ගොස් ඇති බවයි සරත් රත්නායක මහතා අවධාරණය කළේ.

බිත්තර නිෂ්පාදනය වැඩි වෙමින් පැවතීමත් රටට අවශ්‍ය බිත්තර රට තුළ නිෂ්පාදනයවීමත් හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවත් සභාපතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: