hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 09, ප.ව. 2:46



උත්සව සමය එළඹෙමින් තිබිය දී බිත්තර මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දිනවල රුපියල් 42ත් 45ත් අතර මිලකට අලෙවි වූ සුදු බිත්තරයක මිල මේ වනවිට රුපියල් 50 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳුන් ප්‍රකාශ කළේ රතු බිත්තරයක් රුපියල් 53ක මිලකට අලෙවි වන බවයි.

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පෙරේදා (07) බිත්තර තොග අලෙවිකරුවන් වෙත දැනුම් දී තිබුණේ සුදු බිත්තරයක් රුපියල් 50කට සහ රතු බිත්තරයක් රුපියල් 52ක මිලකට අලෙවි කරන ලෙසටයි.

කෙසේවෙතත් නත්තල සහ නව වසර එළඹෙමින් පවතින අතර, බිත්තරවලට සාමාන්‍යයෙන් පවතින ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් මේ වනවිට පවතිනවා.

මෙලෙස බිත්තර මිල ඉහළ යාමෙන් කේක් ඇතුළු බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල ද ඉහළ යනු ඇති.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් කියා සිටියේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල බිත්තර මිල ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් බවයි.

කෙසේවෙතත් එළඹෙන උත්සව සමයේ දී බිත්තර මිල ඉහළ නොදමන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා මීට පෙර ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: