hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 05, පෙ.ව. 7:20



වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 50 ක් හෝ ඊට අඩුවිය යුතු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියකට දැනුම්දී ඇත.

බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 25 ත් 30 ත් අතර මුදලක් බැවින්, වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 60, 70 ආදී මිල ගණන්වලට අලෙවි කර අසාධාරණ ලාභයක් උපයන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසුවා.

බිත්තරයක මිල රුපියල් 50 හෝ ඊට වඩා අඩු නොකරන්නේ නම් උපරිම සිල්ලර මිලක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: