hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 16, පෙ.ව. 11:34



වෙළඳපලේ දේශීය බිත්තරවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය අඩු කිරීමත් සමඟ මෙසේ දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි, පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, මේ වන විට දේශීය බිත්තරයක් වෙළඳපළේ අලෙවි කරන්නේ රුපියල් 55-60 ක අතර මිලකට බවයි පාරිභෝගිකයින් සහ වෙළදුන් පවසන්නේ.

සුපිරි වෙලදසැල්වල ඇසුරුම් කරන ලද බිත්තරයක මිල රුපියල් 65 සීමාවේ පවතී.

උත්සව සමයේදී සතොස විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක් රුපියල් 42ක මුදලකට අලෙවි කරනු ලැබීය.

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේ, ඉල්ලුමට සරිලන සැපයුමක් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බිත්තර මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: