hit counter

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා

2024 ජූනි 12, ප.ව. 1:38



මෙරට දිනක බිත්තර පරිභෝජනය මිලියන 7ක් පමණ වන බව සඳහන්, පසුගිය මාස කිහිපයේදී එය මිලියන 8 පමණ දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකය දත්ත වාර්තා පෙන්වා දේ.

ශ්‍රී ලංකාව දුල දිනක බිත්තර නිෂ්පාදිතය මිලියන 6ක් පමණ වන අතර ඉල්ලුම සහ සැපයුම අතර පවතින බිත්තර මිලියන 2ක පමණ හිඟය හේතුවෙන් මෙරට බිත්තර වෙළෙඳපොළ තුල බිත්තර සඳහා අධික ඉල්ලුමක් ගොඩනැඟී ඇත.

බිත්තර ආනයනය සීමාකිරීම හරහා මෙරට වෙළෙඳපොළේ බිත්තර මිලගනන් සීග්‍ර ලෙස ඉහළයෑමට හේතුව ලෙස එය පෙන්වාදිය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වාදෙයි.

මෙවන් පසුබිමක මව් කිකිළි පැටවුන්ගේ වාර්ෂික අවශ්‍යතාව 44,000ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්.එම්.බී.ආර් අලහකෝන් පවසයි.

මීට පෙර වසරවලදී මෙම අවශ්‍යතාව 80,000ක් තරමේ පැවති අතර මේ වසරේ මව් කිකිළි පැටවුන් 122,000ක් විදේශවලින් ගෙන්වා ඇති බව සඳහන්.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වැඩි දුරටත් පැවසූවේ ප්‍රංශය,අමෙරිකාව,ඉන්දියාව සහ බ්‍රසීලය යන රටවලින් මව් කිකිළි පැටවුන් ගෙන්වා ඇති බවයි.

කෙසේවෙතත්, ඉදිරි මාස කිහිපය තුළ දිනක බිත්තර නිෂ්පාදනය පනස්දහසකින් පමණ ඉහල යෑමත් සමඟ එය මෙරට වෙළෙඳපොළේ බිත්තර මිල කෙරෙහි බලපෑම් එල්ල කරනු ඇතැයි රජය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: