hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 ජූලි 07, ප.ව. 2:07



සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩී.ආර්.අලහකෝන් මහතා පවසන්නේ බිත්තර සඳහා 15%ක වැට් බද්දක් එකතු කිරීමට නියමිත බවත්, ඒ හේතුවෙන් බිත්තර මිල තවත් ඉහළ යනු ඇති බවත්ය.

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් ජූලි 02 වැනිදා සිට හඳුන්වාදුන් බිත්තර පාලන මිලට අනුව සුදු බිත්තරයක් රුපියල් 43ත් 47ත් අතර මිලකට ද, දුඹුරු බිත්තරයක් රුපියල් 45ත් 49ත් අතර මිලකට අලෙවි කළ යුතු නමුත් එම නියම කාරන ලද මිල ප්‍රමාණයන් අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවයි.

මීට පෙරද බිත්තර සඳහා උපරිම මිලක් නියම කළද එය අසාර්ථක වූ බවත්, එමඟින් සිදුවූයේ කර්මාන්ත බිඳවැටීම පමණක් බවත් ඔහු අවධාරණය කළා.

බිත්තර මිල අඩු කිරීමටනම් සිදුකළ යුත්තේ නිෂ්පාදනය ඉහළ නැංවීම මිස ඒකපාර්ශ්වික මිල නියම කිරීම නොවන බව පෙන්වාදුන් ලේකම්වරයා ගොවිපොළ වලින් බිත්තර නිකුත් කරනු ලබන්නේ රුපියල් 42ත් 43ත් අතර මිලකට බැවින් රුපියල් 43ත් 47ත් අතර මිලකට අලෙවි කිරීම සිදු කළ නොහැකි බව සඳහන් කළා.

මෙම අත්තනෝමතික ක්‍රමවේදය මඟින් බිත්තර නිෂ්පාදකයන් කර්මාන්තය අතහැර යනු ඇති අතර බිත්තර හිඟය උග්‍ර වීමට මෙය බපපානු ඇති බව ඔහු අණතුරු ඇඟවුවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: