hit counter

2024 දෙසැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 13, පෙ.ව. 12:02



කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් රටට අවශ්‍ය තරම් බිත්තර දේශීය වශයෙන් නිපදවන බවත් ය.

ඒ අනුව, බිත්තර ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය පැවසුවා.

දැනට රටපුරා වෙළෙද සැල්වල අලෙවි කරනු ලබන්නේ මෙරටේ නිෂ්පාදනය කරන ලද බිත්තර වෙනවා.

දෛනික පාරිභෝජනයට අවශ්‍ය බිත්තර මේ වනවිට කුකුළු නිෂ්පාදනකරුවන් විසින් සපයනු ලබයි.

මේ අතර, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ සිට බිත්තර සදහා වැට් බද්දක් පැනවීමට රජය කටයුතු කරන බවටත්, මේ නිසා බිත්තර මිල ඉහළ යා හැකි බවටත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයක් යැයි කියා ගන්නා එක්තරා සංගමයක් විසින් මාධ්‍ය මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධව අවදානය යොමු කර ඇති බවයි.

එමෙන්ම, බිත්තර සඳහා වැට් අය කිරීම ලබන වසරේ සිට නොව මේ වනවිටත් සියයට 18ක බද්දක් අය කරනු ලබයි.

එම වැට් ප්‍රමාණය කිසිසේත්ම ලබන වසරේ තවදුරටත් ඉහළ දැමීමට සූදානමක් නොමැති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, දැනට බිත්තර මිල රුපියල් 50 සීමාව දක්වා පවතින්නේ බිත්තර හිඟයක් නිසා නොව බිත්තර සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති නිසා බව වැඩිදුරටත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: