hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 18, ප.ව. 3:53



වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් වෙළෙඳසැල්වල රුපියල් 60 ඉක්මවූ මිලකට බිත්තරයක් අලෙවි කරන බවයි, පාරිභෝගිකයින් පවසන්නේ.

වෙළෙඳපොළේ පසුගිය සතිවල රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වූ දේශීය බිත්තරයක් අද වනවිට අලෙවි වන්නේ රුපියල් 60 ද ඉක්මවූ මිලකටයි.

මේ අතර, පසුගිය සමයේ අධික ලෙස ඉහළ ගිය එළවළු මිලෙහි අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.

රුපියල් 3,000කට ආසන්න මිලකට අලෙවි වූ කැරට් කිලෝවක් අද අලෙවි වන්නේ රුපියල් 400ත් 500ත් අතර මිලකටයි. බෝංචි කිලෝවක් රුපියල් 500 ත් 550ත් අතර මිලකට අලෙවි වනවා.

ගෝවා කිලෝවක් රුපියල් 300ත් 400ත් අතර මිලකට අලෙවි වන අතර ලීක්ස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 200ත් 300ත් අතර මිලකටයි.

රාබු, වම්බටු, බටු, දෙහි, නෝකෝල් ආදී එළවළු වර්ගවල මිල ගණන්ද සැලකිය යුතු මට්ටමකට පහළ බැස තිබෙනවා. කෙසේ වෙතත් තක්කාලි කිලෝවක් තවමත් අලෙවි වන්නේ රුපියල් 700ත් 800ත් අතර මිලකටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: