hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 මාර්තු 02, ප.ව. 4:16



ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළයෑම නිසා සියලුම ආහාරපානවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට තීරණය කර ඇත. 

ඒ අනුව, ප්ලේන්ටි එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම (රයිස් ඇන්ඩ් කරී) එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු එකක මිල රුපියල් 50 කින් ආදී වශයෙන් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

යම්කිසි ආකාරයකින් රජය පරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: