hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 04, ප.ව. 5:15



අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා ඒ බව පැවසුවා.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල ද රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බවය.

මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බවද ඔහු පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: