hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 මැයි 26, ප.ව. 9:16



පසුගිය දිනවල තිරිගු පිටි, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ බේකරි නිෂ්පාදන වල අලෙවිය අඩු වී ඇති බවත්, ආපනශාලා වල ආහාර ගැනිමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් පවතින බව එම කර්මාන්තය පවත්වා ගෙන යන හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටිනවා.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගත වූ මාස කිහිපය තුල අවස්තා කිහිපයකදි වැඩි විම සහ බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන අමු ද්‍රව්‍ය මිල වැඩි විම හමුවේ අලෙවිය මේ වන විට ඉතා පහත වැටී එම කර්මාන්තය වසා දැමිමේ අවධානමකට පත් වි ඇති බවයි බේකරි හිමියන් කියා සිටින්නේ.

මේ අතර හැටන් නගරයේ ආපනශාලා හිමියන් කියා සිටින්නේ දැනට පවතින ගෑස් අර්බුධය හමුවේ සහ පිටි මිල ඇතුළු ආපනශාලා වලට ආහාර ද්‍රව්‍ය පිළිවෙල කිරිම සදහා භාවිතා කරන සහල් ඇතුළු ද්‍රව්‍ය කිහිපයකම මිල ඉහල යාම හමුවේ පිලියෙල කරන ලද සෑම ආහාර ද්‍රව්‍යකම මිල ඉහල යාම හමුවේ තම වෙලදසැල් වලට පාරිභෝගිකයන් පැමිණිමේ විශාල අඩුවක් ඇති බවයි ආපනශාලා හිමියන් කියා සිටියේ.

ආපනශාලා වල සේවය කරන සේවකයන්ගේ පඩිය, කඩ කුලිය, විදුලි සහ ජල බිල්පත් ගෙවිමේදි තමන් එම ව්‍යාපාරයෙන් කිසිදු ආදායමක් නොලැබිම හමුවේ එම ව්‍යාපාරයද වසා දැමිමට සිදු වන බව හැටන් නගරයේ ආපනශාලා හිමියන් වැඩිදුරටත් පැවසුවා.