2023 අගෝස්‍තු 14, පෙ.ව. 12:02
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
එය ක්‍රියාත්මක කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ය.
ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දීමට සැලසුම් කර තිබෙනවා.
මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකිරීමට නියමිතයි.
මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂයභාර ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව දන්වා තිබෙනවා.
දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මඟින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඇති අතර ඊට අයදුම්පත් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන් වෙනවා.
ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
08-05-25
08-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25