hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 12:02



ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

එය ක්‍රියාත්මක කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ය.

ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දීමට සැලසුම් කර තිබෙනවා.

  1. ඉන් පළමු ක්‍රමවේදය යටතේ විදෙස්ගත ශ්‍රමිකයන්ට හිමි ඉඩමක නිවාසයක් ඉදිකර දීමට සැලසුම් කර ඇත.
  2. දෙවැනි ක්‍රමය වන්නේ ඉඩම් නොමැති ශ්‍රමිකයින්ට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීමය.
  3. තුන්වන ක්‍රමවේදය වන්නේ මහල් නිවාස ඉදිකර දීමය.

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකිරීමට නියමිතයි.

මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂයභාර ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව දන්වා තිබෙනවා.

දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මඟින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර ඇති අතර ඊට අයදුම්පත් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන් වෙනවා.

ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: