hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:08



මේ කියන්න යන්නේ ආර්ථික විශේෂඥයෝ කියන අනාවැකියක් ගැන කතාවක්.

ඉදිරියේදී මෙරට ඉඩම් වෙළෙඳ පොළට විශාල ඉඩම් සැපයුමක් ජනිත වීමෙන් මෙරට ඉඩම් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවට වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ ඉඩම් වෙළෙඳ පොළ ලිහිල් හා විවෘත කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙරට බිම් අඟලකවත් අයිතියක් නොමැතිව සිටි පවුල් ලක්ෂ 20 කට ඉඩම් ඔප්පු ලබා දීම මඟින් මෙන්ම රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනවසම සතුව පවතින ඌන උපයෝජිත ඉඩම් සියල්ල කෘෂිකර්මාන්ත හා කර්මාන්ත අංශවලට ලබා දීමට ගනු ලැබු කැබිනට් තීරණයත් සමග මෙම තත්ත්වය උදා වන බව ද ඔවුහු කියා සිටිනවා.

ඒ අනුව මෙතෙක් ආවෘත වෙළෙඳ පොළක්ව පැවැති ඉඩම් වෙළෙඳාම සංවෘත බවට පත්වීම හරහා මෙම තත්ත්වය ඇතිවන බවද ඔවුහු සඳහන් කරනවා.

20 ලක්ෂයක් ජනතාවට විකිණීමට හැකි, උගස් කිරීමට හැකි ඉඩම් ඔප්පු ලැබීම තුළ මෙරට වෙළෙඳ පොළ තුළ ඉඩම් සැපයුම ඉහළ යාමද ඊට හේතු වන බව ඔවුහු කියා සිටිනවා.

එමෙන්ම රාජ්‍ය අංශය සතු ඉඩම් කෘෂිකර්මය හා කර්මාන්ත සඳහා පුද්ගලික අංශයට ලබාදීමෙන් පුද්ගලිකව ඉඩම් මිලට ගැනීමට ජනතාවට තිබෙන අවශ්‍යතාව අඩු වීමක් සිදු වන බවද ඔවුහු අවධාරණය කරන අතරම ඊට අතිරේකව පසුගිය අය වැය ලේඛනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් විශාල ප්‍රමාණයක හිමිකම තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ‘ස්ටේෂන් ප්ලාසා’ (Station Plaza) යෝජනාව යටතේ දුම්රිය කුඩා නගර, නිවාස යෝජනා ක්‍රම, සංචාරක හෝටල්, වෙළෙඳ සංකීර්ණ හා ව්‍යාපාර පරිශ්‍ර සඳහා බදු පදනම යටතේ ලබා දීමට ගත් තීරණය ද ඉඩම් මිල අඩුවීම කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි ද එම ආර්ථික විශේෂඥයෝ සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: