hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 09, පෙ.ව. 12:02



මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු .කළා.

ඒ අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවයි.

ඊයේ (08) වාහන ආනයනකරුවන්ගේ සංගමය සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට ඒක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එමෙන්ම, රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව ද ඔහු පැවසීය.

තව ද, ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව, ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇත.

එමෙන්ම, සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බව ආනයනකරුවන් එහි දී පෙන්වා දී ඇත.

පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටස් වශයෙන් ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බවත් එහි දී අවධාරණය කර ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: