hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 12, ප.ව. 9:00



ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි යූරියා තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දිය රජය තීරණය කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ ඉන්දියාවෙන් මේ වන විට යූරියා අපනයනය තහනම් කර තිබෙන අවස්ථාවක මෙම යුරියා ලබා දීමට එකගත්වය පළ කිරීමයි.

කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා සමඟ සාකච්ඡා කර යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ශ්‍රී ලංකාවට සැපයීමට අවශ්‍ය අනුමැතිය සහ ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් චතුර්වේදි මහතා පැවසුවේ ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තම දෙපාර්තමේන්තුව සැමවිටම සූදානම් බවත්, අවශ්‍ය යූරියා ප්‍රමාණය ළඟම ඇති වරායේ සිට ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි.

දැනට පවතින ණය මාර්ගය යටතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ ක්‍රම සහ විධික්‍රම ද ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා සහ ලේකම්වරයා සාකච්ඡා කර තිබෙනවා.

යල වගා කන්නය සඳහා අවශ්‍ය යූරියා සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අද (12) ඉන්දියාවේ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් ‍රාජේෂ් කුමාර් චතුර්වේදි මහතා හමු වී තිබෙනවා.

ඒ අනුව යල වගා කන්නයේ වී සඳහා සම්පූර්ණ අවශ්‍යතාවය වන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් දැනට පවතින ඇ.ඩො. බිලියනයක ණය යටතේ වහාම ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.