hit counter

2024 මැයි මස 22 වන බදාදා

2022 මැයි 24, පෙ.ව. 10:04



ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය 2022 අප්‍රේල් මාසයේ දී වාර්තා වී තිබෙනවා.

මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද./NCPI , 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේ දී 33.8% ක් ලෙසයි වාර්තා වන්නේ.

මෙහිදී ආහාර උද්ධමනය 44% ක් ලෙසින් වාර්තා වන අතර ආහාර නොවන උද්ධමනය 56% ක් ලෙසින් වාර්තා වනවා.

ඒ අනුව ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 29.05හේ සිට අප්‍රේල් මාසයේ දී සියයට 45.01ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 14.05හේ සිට අප්‍රේල් මාසයේ දී සියයට 23.09ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සහල්, කිරිපිටි, පිරිප්පු, සීනි, පාන් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන, ගෑස්, නිවාස කුලී, සෞඛ්‍ය, ගොඩනැගිලි ද්‍රව්‍ය යනාදී අයිතමවල මිළ ගණන් ඉහළ යාම මීට බලපා තිබෙනවා. 

එමෙන්ම වාර්ෂික සාමාන්‍ය උද්ධමනය පසුගිය මාර්තු මාසයේ පැවති සියයට 10.06 සිට පසුගිය අප්‍රේල් මාසයේ දී සියයට 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්.