hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 25, පෙ.ව. 12:09



රිය අනතුරු වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙල මාර්තු (01) වනදා ආරම්භ කළ බවත් රිය අනතුරු අවම කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.

අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් යම් වින්දිතයකු එම උපරිම වන්දි මුදලට වඩා වැඩි මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදු වන බවත් මෙම ක්‍රියාවලිය පිළිබඳව පොලීසිය මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් ග්‍රාම සේවා නිලධාරීන් දැනුවත් කර තිබෙන බවද සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: