hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 10:55



මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 12.79% ක් දක්වා පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සතියේ දී එම අනුපාතිකය 13.03% ක් ලෙසින් පැවති බව වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මීට වසරකට පෙර මෙම අනුපාතිකය 28.51% ක් තරම් ඉහළ අගයක් විය.

මේ අනුව, බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් 13% මට්ටමෙන් මෙපිටට පැමිණ ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එහිදී, මහජන බැංකුව 12.59%, කොමර්ෂල් බැංකුව 12.95%, යූනියන් බැංකුව12.77% හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 12.90% ලෙසින් 13% සීමාවට මෙපිටින් බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය දේශීය වානිජ බැංකු ලෙසින් දක්වා ඇත.

මේ අතර මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික වානිජ බැංකුවක් වන HSBC බැංකුවේ මෙම අනුපාතිකය 11.41% ක් තරම් පහළ අගයක් වෙනවා.

මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව 12.95%, සිටි බැංකුව 12.75%, ඉන්දීය රාජ්‍ය බැංකුව 12.14% හා පබ්ලික් බැංකුව 12.55% ක් ලෙසින් පහළ බරිත සාමාන්‍ය පුමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය සෙසු විදේශීය බැංකු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: