hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 03, පෙ.ව. 12:42



විදේශ රැකියා සඳහා පිටත් ව යාමට මේවන විට විශාල පිරිසක් උත්සාහ ගන්නවා.

මේ පිළිබඳ රජයේ අවධානයද යොමු වී තිබෙන්නේ පුහුණු ශ්‍රමිකයින් සඳහා විදෙස් රැකියා සඳහා යොමු කරලීමයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසන්නේ ප්‍රමාදයට ලක් වූ කටාර් රාජ්‍යයේ ප්‍රමාණ සමීක්ෂකයන් සඳහා රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව යි.

ශ්‍රී ලංකාවේ ප්‍රමාණ සමීක්ෂකයින්ට මැදපෙරදිග කලාපයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2016 වසරේ සිට ගත වූ කාලය තුළ මන්දගාමී අයුරින් ක්‍රියාත්මක වී ඇති බව ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය හා කටාර් රාජ්‍යයේ නියෝජිතයින් සමග පසුගියදා පැවති සාකච්ඡාවක දී හෙළි වී තිබුණා.

විශේෂයෙන් කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට නම් රැකියා වෘත්තීකයින්ගේ පුහුණුව සම්බන්ධ නිර්දේශිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රි ලංකාව, ඉන්දියාව හා පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් ඉල්ලා ඇතැයි සඳහන්.

එහෙත්, ශ්‍රි ලංකාව ඊට අදාළව ලබා දී ඇත්තේ ආයතන 3 ක් සම්බන්ධ වාර්තාවක් පමණක් බව ද හෙළි වී තිබෙනවා.

එහිදී ඉන්දියාව ආයතන 50 ක් හා මාලදිවයින ආයතන 40 ක් නම් කර තිබූ බවත් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ නිර්දේශවල යම් දුර්වලතා හේතුවෙන් මෙම රැකියා අවස්ථා අහිමි වී ඇති බව සඳහන්.