hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 25, පෙ.ව. 12:04



කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ දෙවන භාගයේ දී සියයට 7.1 ක සාපේක්ෂව අඩු වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කරන ලදී.

සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි දක්නට ලැබුණු මෙම මන්දගාමීත්වය නේවාසික, වාණිජ හා කාර්මික යන එහි අනු දර්ශක තුනෙහි ම දක්නට ලැබුණු අතර එම දර්ශක පිළිවෙලින් සියයට 8.8, 6.7 සහ 5.9ක වර්ධනයන් වාර්තා කරන ලදී.

අර්ධ වාර්ෂික පදනමින් ද මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින් ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී සියයට 2.1 ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී.

මේ සඳහා 2023 වසරේ පළමු භාගයට සාපේක්ෂව දෙවන භාගයේ දී කාර්මික අනු දර්ශකය අඩු වේගයකින් වර්ධනය වීම ප්‍රධාන වශයෙන් බලපෑ අතර වාණිජ හා නේවාසික අනු දර්ශකවල අඩු වර්ධනය ද තවදුරටත් හේතු විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: