hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 11:16



උත්සව සමයට ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි දෙයක් තමයි මත්පැන් කියන්නේ.

ඒත් ඉතින් සතුටෙන් පාටි දාන්න වෙන්නෙත් තව ටික දවසයි ලු.

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ ලබන මාසයේ සිට මත්පැන්වලද මිල ඉහළ යනු ඇති බව ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ එරන්ද කොඩිතුවක්කු පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන මස 1 වනදා සිට උද්ධමනයට සාපේක්ෂව සුරාබදු සංශෝධනයක්ද සිදුකිරීමට නියමිත බවයි.

ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන නව බදු සංශෝධනයට අනුව භාණ්ඩ හා සේවා රැසක් සදහා සියයට 18 ක වැට් බද්ද පැනවෙනවා.

එල්.පී. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, සූර්ය පැනල, ගෘහස්ථ සූර්යබල පද්ධති, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, ජංගම දුරකථන, සහ රසායනික පොහොර ඇතුලු‍ භාණ්ඩ වර්ග 95 ක් අලු‍තින් වැට් පැනවෙන භාණ්ඩ අතරට අයත්.

කෙසේ වෙතත් ඩීසල්, පෙට්‍රල්, ගෑස් ඇතුලු‍ ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයකට පනවා ඇති වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශයේ අවදානය යොමුවී තිබෙනවා.

මෙම භාණ්ඩ වැට් බද්දට යටත් කිරීමෙන් සිදුවන බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම අමාත්‍යංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා කියා සිටියේ.

එහෙත් විශේෂ වෙළද භාණ්ඩ බද්ද අයකෙරෙන භාණ්ඩ වර්ග 65 ක් සදහා වැට් බද්ද අය කෙරෙන්නේ නැහැ.

ඒ අතරට සහල්, බඩඉරිඟු‍, බිත්තර, එළවළු තෙල්, මාළු, හාල්මැස්සන්, අර්තාපල්, රතු ළුෑණු, බී ළුෑණු, සුදු ළුෑණු, වටානා පරිප්පු, කඩල, මුං ඇට, වියළි මිරිස්, ටින් මාළු, සුදු සීනි, උම්බලකඩ, කරවල, නැවුම් මිදි හා දොඩම්, වියළි මිදි, ඇපල්, පොල්තෙල්, පාම් ඔයිල්, එළවළු තෙල්, යෝගට්, බටර්, මාගරින් සහ මුව ආවරණ ඇතුළු භාණ්ඩ 65ක් අයත්.

මාධ්‍ය හමුවට එක්වූ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ මහතා කියා සිටියේ වැට් සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමග උද්ධමනය ඉහළ යාමක්ද අපේක්ෂා කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: