hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 22, පෙ.ව. 10:21



එළඹෙන අලුත් අවුරුද්දට සාමාන්‍ය ජනතාවට මත්පැන් පොදක් ලබා ගැනීමට ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතා සඳහන් කර සිටිනවා.

මේ අනුව ගල් අරක්කු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව කසිප්පු පානය කිරීමට පෙළඹී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

අද වන විට මත්පැන්හල් පාළුවට ගොස් ඇති බවත් ජනතාව කසිප්පු පානයට හුරුවී ඇති බවත් පවසන ඇමතිවරයා අවුරුදු කාලයටවත් ගල් අරක්කු ජනතාවට ලබා දිය යුතු බවත් සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

කෙසේවෙතත් අවසන් වරට 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම සදහන් කළා.

ඒ අනුව, මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ ගියා.

තවද, මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවනු ලැබීය.

වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කෙරුණු බවයි එම සමාගම දැනුම්දෙනු ලැබුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: