2024 ජූනි 02, පෙ.ව. 12:04
හෝටල්වල් ක්‍රියාත්මක වන ‘Happy Hour’ තහනම් කිරීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගත් තීරණයට ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය සිය විරෝධය පළ කර තිබෙනවා.
එය සිය කර්මාන්තයට බරපතල හානියක් බවයි, එහි සභාපති එම් ශාන්තිකුමාර් මහතා ප්‍රකාශ කළේ.
‘Happy Hour’ සංකල්පය ලොව පුරා පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.
මධ්‍යසාර නිෂ්පාදන මිල දී ගැනීමේ දී වට්ටම් ලබා දී දඬුවම් ලැබිය හැකි වරදක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කළා.
කොළඹ ප්රමුඛ පෙළේ තරු පන්තියේ හෝටලයකට එම අධිකාරිය විසින් ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.
එම අධිකාරියේ සභාපති ඇලන් ලවුඩෝව්කි සඳහන් කළේ, අදාළ හෝටල් විසින් සිටියේ “Happy Hour” ප්‍රවර්ධන වැනි මත්පැන් නිෂ්පාදන මිලදී ගැනීමේදී වට්ටම් ලබා දෙන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
මෙම පරිචය 2006 අංක 27 දරන NATA පනතේ 37(2) වගන්තිය පැහැදිලිව උල්ලංඝණය කිරීමක් වන බව සඳහන්.
ඉහත සඳහන් වගන්තිය උල්ලංඝණය කිරීම සඳහා දඩය රු. 50,000 ක් වන අතර වරද කරන ලද ආයතනයේ එක් එක් අධ්යක්ෂවරයා වරදට වැරදිකරුවන් ලෙස සලකනු ලබනවා.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය 2006 අංක 27 දරණ NATA පනතේ (සංශෝධිත පරිදි) සියලුම විධිවිධානවලට අනුකූල වන ලෙස හෝටලයට මෙම නියෝග කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට කරුණු ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය සඳහන් කළා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාට ද මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බවයි, එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
2024 නොවැම්බර් 11, ප.ව. 2:37
2024 නොවැම්බර් 11, ප.ව. 2:29
2024 නොවැම්බර් 07, ප.ව. 2:01
2024 නොවැම්බර් 07, පෙ.ව. 11:58
2024 නොවැම්බර් 06, ප.ව. 2:21
14-11-24
14-11-24
13-11-24
13-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
10-11-24
10-11-24