hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 18, ප.ව. 1:10



මත්පැන් මිල යළි ඉහළ දැමීමේ සූදානම් පවතින බව වාර්තා වනවා

මත්පැන් නිෂ්පාදන සමාගම් පවසන්නේ එතනෝල් මිල ඉහළ යෑම නිසා ඉදිරි දිනවලදී මත්පැන් මිල යළි ඉහළ යා හැකි බවයි.

පැල්වත්ත සීනි සමාගම නිෂ්පාදනය කරන එතනෝල් ලීටරයක මිල රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා ඊයේ (17) සිට ඉහළ දමා තිබෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ පිහිටි එතනෝල් නිෂ්පාදන ආයතනයක්ද සිය නිෂ්පාදන මිල ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස එතනෝල් මිල ඉහළ දැමීමට හේතු වී ඇත්තේ යන්ත්‍ර සූත්‍ර සඳහා භාවිත කරන දැවිතෙල් මිල ඉහළ යාමයි.

රුපියල් 100 අලෙවි වූ දැවිතෙල් ලීටරයක මිල රුපියල් 300 දක්වා වැඩි වී තිබෙනවා.