hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 07, පෙ.ව. 12:04



ආර්ථික අර්බුදය හේතුවෙන් බැංකුවලින් ණය ලබාගත් අයගෙන් 13%ක ට ණය ගෙවීමේ අපහසුතාවයෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මෙම 13% අතරින් 2.7%ක් ණය ගෙවීම පැහැර හැර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

මෙය ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල කරණ හෙයින් එම පහර හැරීම වළක්වා ගැනීම සඳහා ලෝකයේ වෙනත් රටවල ණය නොගෙව්වොත් දේපොළ අත්පත් කරගන්නා සේ ණය නොගෙවීම අවම කිරීමට නම් ‘පරාටේ’ නීතිය වන යම් දේපළක් සම්බන්ධයෙන් වූ උකසක් මත බැංකුවක් මගින් ණයක් ලබාදී ඇති විටෙක එම ණය ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවේදී අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපළ අදාළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලය ශක්තිමත් කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: