hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 12:01



පසුගිය නියගයෙන් වගා හානිවූ වලවේ ගොවීන් සදහා වගා හානි වන්දි පිරිනැමීම පෙරවරුවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණ.

මේ යටතේ විවිධ ගනන් යටතේ ගොවීන් 11000 එකොලොස් දහසකට වන්දි ලබාදෙන බවත් අද දිනයේදී වලවේ ගොවීන් දහසකට වන්දි ලබාදීම සිදු වුණා.

මෙහිදී මිලියන 3284ක් තුන්දහස් දෙසිය අසූහතරක් වගාහානි වන්දි වශයෙන් වලව කලාපය වෙනුවෙන් වෙන්කර ඇත. අක්කර 15000ක් පහලොස් දහසක් වෙනුවෙන් මෙම වන්දි ලබාදීම සිදු වුණා.

මෙම අවස්ථාව සදහා වනජීවී අමාත්‍ය රත්නපුරදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන මැති ඇමතිවරු සහභාගී වී සිටියා.

මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, “මේ වන විට ‍බණ්ඩිපොහොර පොහොර මිටිය මෙම කන්නයේ සිට රුපියල් 9000ට ලබාදීමට කටයුතු කරනවා. ප්‍රථමයෙන් වන්දි දෙන්නේ වලවේ ගොවීන්ට. ඊට හේතුව හේ වගා හානි වලට අපිද වගකියන්න ඕන වතුර දෙන්න ප්‍රමාද වුණා.” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: