hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 03, පෙ.ව. 12:02



ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විවිධ පාර්ශවවලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බවයි.

පවුල් තෝරා ගැනීමේදී සිදුවූ, නිර්ණායකවලට අනුව යමෙකුට මෙම වැඩපිළිවෙළට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් එමගින් ඔවුන්ට ද අයදුම් කිරීමට අවස්ථාව උදාවන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පරණ ප්‍රතිලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එම අයදුම්කරුවන් ලබාදුන් තොරතුරු තහවුරු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

පසුගිය වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබාදුන්න ද , මෙම වසරේ මහා භාණ්ඩාගාරය මගින් ඊට ප්‍රතිපාදන ලබාදෙන බවත්, රුපියල් බිලියන 205 ක මුදල සපයා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා වූ සැලසුම් සියල්ල සකස් කර ඇති බවත් සියඹලාපිටිය මහතා මෙහිදී අවධාරණය කළ බවයි පැවසෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: