2024 පෙබරවාරි 06, ප.ව. 1:49
2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 960ක් ගොවි ජනතාව වෙත ලබා දී තිබෙනවා.
ඒ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් ලක්ෂ 12කට එම මුදල් ලබා දීමට රජය තීරණය කළේ ය.
රුපියල් බිලියන 9.6ක මුදලක් මේ වන විට ගොවි ගිණුම්වලටම බැර කර ඇති බව ගොවිජන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පැවසුවා.
ඊයේ දිනයේ තවත් රුපියල් මිලියන 450ක් ගොවි ගිණුම්ගත කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, මේ වනවිට සමස්ත වී වගා කරන ගොවීන්ගෙන් සියයට 93කට මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව පොහොර මිල දී ගැනීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් 15,000ක දීමනාව ගිණුම්ගත කර අවසන් කර ඇත.
2025 පෙබරවාරි 06, ප.ව. 12:43
2025 පෙබරවාරි 03, ප.ව. 1:59
2025 ජනවාරි 30, ප.ව. 3:05
2025 ජනවාරි 30, ප.ව. 2:51
2025 ජනවාරි 29, පෙ.ව. 10:22
07-02-25
07-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25