hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 11, ප.ව. 8:12



දේශපාලන අස්ථාවරත්වය නිසා මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය ප්‍රමාද විය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ස්ථාවර දේශපාලන පරිපාලනයක් අවශ්‍යතාව, IMF සමඟ සාකච්ඡා වඩා හොඳ ප්‍රගතියක් කරා ගෙන යාම, මූල්‍ය හා ඉන්ධන හිඟය විසඳීම අත්‍යවශ්‍ය බවත් මහබැංකු අධිපතිවරයා සඳහන් කරනවා.

මේ අතර, මහබැංකු අධිපතිවරයා තවදුරටත් පවසන්නේ, ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1ක හුවමාරුවක් සඳහා ද සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවයි.

මහබැංකු අධිපතිවරයා මෙසේ අදහස් දැක්වුවා,

“මම කැමතියි ස්ථාවර දේශපාලන තත්ත්වයකට. එය කඩිනමින් ඇතිවිය යුතු දෙයක්. එමඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි වෙයි. අපි අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡා කරන්නේ අපේ මූල්‍ය අර්බුදය විසදා ගැනීමට. එය විසදා ගත්තොත් අපිට ඉන්ධන, ගෑස් සහ අනෙක් අර්බුද විසදා ගැනීමට අවශ්‍ය මුදල් සොයාගත හැකි වෙයි”