hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 ජූලි 22, ප.ව. 2:10



මහජන බැංකුවේ 61 වැනි සංවත්සරය නිමිති කරගනිමින් පැවති ලේ දන්දීමේ කඳවුර කොළඹ 02, මහජන බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයීය ආපන ශාලාවේදි පසුගියදා පැවැත්විණි.

මහජන බැංකුවේ සුබ සාධක දෙපාර්තුමේන්තුව සංවිධානය කළ මෙම ලේ දන්දීමේ කඳවුරේදි බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළ අතරල මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ* මහින්ද පේ‍්‍රමනාත් යන මහත්වරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා* නිපුණිකා විජේරත්න මහත්මිය සහ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්* කේ.ඒ නිහාල් මහතා මේ අවස්ථාවට සහභාගි වුහ.

ලේ පරිත්‍යාගශිලින්ගේ ශරිර සෞඛ්‍ය පිළිබඳව කරනු ලබන පරික්ෂාවකින් අනතුරුව ලේ බැංකුවේ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධික්ෂණයෙන් රුධිරය ලබාගැනීම සිදුකළ අතරල මෙම වැඩසටහන ඔස්සේ වාර්ෂිකව රුධිරය විශාල ප‍්‍රමාණයක් මහජන බැංකුව විසින් ලේ බැංකුවට ලබාදෙයි.