hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, ප.ව. 12:46



නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වසරේ ජනවාරි මාසය තුළ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම සාමාන්‍යයෙන් රුපියල් 17,014ක් ලෙස ඉහළ ගොස් ඇති බවය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එහි අගය 16,524ක් ලෙස සටහන්වී තිබුණි.

එක් පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල දිස්ත්‍රික් මට්ටමින් ගණන් බලා ඇති අතර වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට බවද එහි සඳහන් ය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ 18,256ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 17,892ක් ලෙස සටහන්වී තිබේ.

අවම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 16,268ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

නිල දරිද්‍රතා රේඛාව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජාතික හා දිස්ත්‍රික් මට්ටම්වල මිල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් සකස් කරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: