hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 03, ප.ව. 4:44



රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර සිව් වැනි  ගුවන් සේවයත් එළඹි 2024 වසරේ ජනවාරි මස 01 දින සිට ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

” රොසිය ගුවන් සේවය ” මෙසේ නව ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති අතර මෙම ගුවන් ගමන් සදහා බෝයිං – 777 වර්ගයේ ගුවන් යානා සේවයේ යොදවා තිබෙනවා.

ඔවුන් නිශ්චිත කාළසටහනකට අනුව ( Schedule Flights  ) සෑම සතියකම දින 04 ක් රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරනවා.

මේ සදහා වූ විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා විසින් ඉකුත් 12/29 දින රොසියා ගුවන් සේවයේ සැළසුම් සහ මෙහෙයුම් ප්‍රධානී නිකිතා ඩොල්ගොව් මහතා වෙත කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලීය පරිශ්‍රයේ දී පිරිනමා තිබුණා.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර එරොෆ්ලොට් ( Aroflot ) , අසූර් එයාර් (Azur Air ) , රෙඩ් වින්ග්ස් ( Red Wings )  සහ රොසියා ගුවන් සේවය ( Rossiya Air Line ) සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: