hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 11:28



ඉන්දියාවේ ලොකු ලූණු ආනයනය කිරීම අත්හිටුවන බවට පුවතක් පලවීමත් සමඟ දේශීය ගබඩාවල විදේශ රට වලින් ගෙන්වා ගබඩා කර තිබූ ලොකු ලූණු  කිලෝව රුපියල් 250කින් 300 අතර ඉහළ දමා අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව වහා රජය මැදිහත්ව සොයා බලන්නැයි දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූණු තොග අලෙවි කරන වෙළෙන්දෝ ඉල්ලා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව විදේශීය ලොකු ලූණු ගෙන්වන බෙදා හරින වෙළෙඳ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරිකයෙකු වූ ජේ.එම්.ෆසිල්  මහතා ඇතුළු කණ්ඩායමක් 12 දින පෙරවරුවේ කියා සිටියා.

ඉන්දියාවේ ලොකු ලූණු වෙනත් රටවලට යැවීම තහනම් කිරීමත් සමඟ රුපියල් 190ත්  230ත් දක්වා ලොකු ලූණු කිලෝව අලෙවි වූ බවයි.

එකවරම 12 දින උදෑසන වන විට ලොකු ලූණු කිලෝව රුපියල් 450ක් 500 අතර ඉහළ මිලකට ආනයනකරුවන් අලෙවි කිරීම නිසා ජනතාව ව්‍යාපාරිකයන් අසරණ තත්වයට පත්ව සිටින බව ඔවුහු පවසනවා.

මෙම ලොකු ලූණු අලවිය මිල ඉහළ දැමීම පිටුපස ලූණු මාෆියාවක් ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් පෙන්වා දෙන වෙළඳ ප්‍රජාව කියා සිටියේ මේ දිනවල ලොකු ලූණුත් එක ගෙඩියක් හෝ  අයනය කිරීමකින් තොරව  ගබඩා කර තිබූ ලොකු ලූණු වලින් අධික ලාභයක් මෙම කණ්ඩායම ලබා ගැනීම සිදු කරන බවයි.

උත්සව සමය ආආරම්භ වීමත් සමග මෙම ජාවාරම සිදු කරන බවද පෙන්වා දෙන වෙළඳ ප්‍රජාව කියා සිටියේ රජය වහාම මැදිහත්ව වෙනත් රටවල් වලින් හෝ අඩු මුදලට ජනතාවට අවශ්‍ය ලොකු ලූණු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සැපයීම සිදු කළ යුතු බවත් ඉතාමත් සංවිධානාත්මකව දේශීය ලොකු ලූණු වගාව විනාශ කිරීම තුළින් මේ තත්ත්වය වඩා පැහැදිලිව ක්‍රියාත්මක වන බවද පෙන්වා දෙන ඔවුන් කියා සිටියේ වෙනත් වසර වල දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු වන තුරු දේශීය ලොකු ලූණු වෙළඳපළේ පවතින බවයි.

එහෙත් මෙවර ගොවීන් දේශීය ගොවීන් ලොකු ලූණු වගාවෙන් ඉවත්වීම නිසා විදේශීය රටවලට විශාල වශයෙන් ඩොලර් යවා අතරමැදි කණ්ඩායමක් ලුණු මාෆියාවක නිරතව සිටින බවද ඔවුහු චෝදනා කරන්නට වූවා.

ලොකු ලුණු මිල පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී ලූණු මිලදී ගැනීමට පැමිණ සිටි වෙළෙන්දන් තරමක් අපහසුතාවයකට පත්ව  ඔවුන් කියා සිටියේ මීට දින කිහිපයකට ඉහතදී මිලදීගෙන ගිය ලොකු ලුණු මෙදින එද්දී එකවරම විශාල මුදලකින් ඉහල දමා තිබීම කනගාටුවට කරුණක් බවයි.

ලුණු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් තොග වෙළෙන්දන්ගෙන් මීට පෙර ගෙන්වූ ලොකු ලූණු නිසා අඩු මුදලට ලබාදීමට හැකිදැයි විමසන්නට වුණා.

එහිදී ව්‍යාපාරිකයන් එම වෙළෙන්දන්ට උරනව කියා සිටියේ මීට පෙර විශාල වශයෙන් ලොකු ලුණු ආනයනකරුවන් විඳි පාඩුව අවම කර ගැනීමට මෙය අවස්ථාවක් බවයි.

කෙසේවෙතත් මේ වන විට දඹුල්ලේ ලොකු ලූණු තොග අලෙවි කරන  වෙළඳසැල්වලින් විදේශීය ලොකු ලුණු කිලෝවක තොග මිල රුපියල් 400 සිට 500 දක්වා පවතිනවා.

කඩිනමින් මෙම මාෆියාව නැති කිරීම සඳහා රජය කුමන මැදිහත්වීමක් නොගන්නේ නම් තවත් දින කිහිපයකින් ලොකු ලූණු මිල ඉහළ යෑම කිසිසේත් නතර කර ගැනීමට හැකියාවක් නැති බවද ව්‍යාපාරිකයෝ අනතුරු අඟවනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: